Homeසියලුම පුවත්රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම් විභාගයට දින නියම වෙයි

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම් විභාගයට දින නියම වෙයි

හරක් කටා’ නමැති බව කියන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනාට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම ගොනු කළ පෙත්සම් විභාගයට දින නියම කර තිබේ.
අදාළ ප්‍රතිශෝධන පෙත්සම් අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී වගඋත්තරකරුවන්ට නොවැම්බර් 14 වැනිදාට පෙර විරෝධතා ගොනු කරන ලෙසත්, එම විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා ජනවාරි 28 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝග කර ඇත.
ඒ අනුව, අදාළ ප්‍රතිශෝධන පෙත්සම් විභාගය ලබන වසරේ පෙබරවාරි 09 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments