Monday, June 9, 2025
Homeසියලුම පුවත්රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක ජනතාව මේ වන විට...

රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක ජනතාව මේ වන විට පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටිනවා.

සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, පවුල් 2278කට අයත් පුද්ගලයින් 7000කට වැඩි ප්‍රමාණයක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව ඇති බවයි.

රත්නපුර සහ කලු‍තර යන දිස්ත්‍රික්කවල ජනතාවට මෙම තත්ත්වයට දැඩිව මුහුණ දී සිටින බවයි එම මධ්‍යස්ථානය සදහන් කළේ.

ඇතැම් ප්‍රදේශවල ජනතාවට බවුසර් මගින් පානිය ජලය බෙදා හැරීම සිදුකරන බවට ද වාර්තා වනවා.

එමෙන්ම මධ්‍යම කදුකර ප්‍රදේශවල පවතින දැඩි වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහල යමින් පවතින බව වාර්තා වනවා.

දැනට සති කිහිපියට පෙර පිරී ගොස් තිබූ වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම මේ වනවිට සීග්‍රයෙන් පහළ ගොස් ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments