අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇප මත මුදාහැර තිබේ.
අද (31) පස්වරුවේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගෙන රජයට පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අතර, ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
රවීට ඇප

