Homeසියලුම පුවත්රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයට තවත් 237ක්

රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයට තවත් 237ක්

රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තෙවන ශ්‍රේණිය සඳහා 237 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායමක් බඳවා ගැනීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත මෙම බඳවා ගැනීම් සිදු කරන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව, 2025 අගෝස්තු 31 දින පැවැති විවෘත තරග විභාගයේ ප්‍රතිඵල මත ලකුණු 141 හෝ ඊට වැඩි ලබාගත් අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන 20 සහ 21 දිනවල පැවැත්වීමට නියමිතය.
සම්මුඛ පරීක්ෂණ අවසන් වීමෙන් පසු සුදුසුකම් ලබන අය සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම කඩිනමින් සිදු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments