බලන්ගොඩ – පැල්මඩුල්ල මාර්ගයේ බත්ගම්ගොඩ ප්රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, යතුරුපැදිය පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
බරපතළ තුවාල ලැබූ පැදිකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වූ පැල්මඩුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

