වයස අවුරුදු 2ක් වූ දැරියක් රුපියල් 40,000කට අළෙවි කළ බවට චෝදනා ලැබූ මවක්, ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා සහ දැරිය මිලදී ගත් බව කියන කාන්තාවක් ධර්මපුරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ, ග්‍රාම නිලධාරීවරයා විසින් ලබාදුන් පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, දැරියගේ මව සහ ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා විසින් දැරිය කොළඹ ප්‍රදේශයේ කාන්තාවකට මුදලට අළෙවි කර ඇති බවයි. එම මුදලින් කොටසක් භාවිත කර ජංගම දුරකථනයක් මිලදී ගෙන ඇති බවද හෙළිව තිබේ.
සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ, දරුවන් දෙදෙනාම රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය වීම හේතුවෙන් මෙය සිදු කළ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
රුපියල් 40,000කට දැරියක් අළෙවි කළ සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට

