Homeසියලුම පුවත්රුමේෂ් තරංගගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

රුමේෂ් තරංගගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක දුරක් හෙල්ල විසිකරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබේ.
මෙම දක්ෂතාව 2026 වසරේ ලෝකයේ හොඳම හෙල්ල විසිකිරීම ලෙසද වාර්තා වන අතර, තරගාවලි වාර්තාවද අලුත් කිරීමට ඔහු සමත් විය.
මීට පෙර 2006 වසරේදී නෝර්වේ ක්‍රීඩක ඇන්ඩ්‍රියාස් තෝර්කිල්ඩ්සන් පිහිටුවා තිබූ මීටර් 90.34ක වාර්තාව රුමේෂ් විසින් අභිබවා ගොස් ඇත.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90 සීමාව පසු කළ පළමු ක්‍රීඩකයා බවටද ඔහු පත්ව ඇති අතර, ආසියාවේ දෙවැනි හොඳම හෙල්ල විසිකිරීම ලෙසද මෙම දක්ෂතාව සැලකේ.
මෙම දක්ෂතාවත් සමඟ රුමේෂ් තරංග ලෝක හෙල්ල විසිකිරීමේ ඉතිහාසයේ හොඳම විසිකිරීම් අතර ඉහළ ස්ථානයක් හිමි කරගෙන තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments