Homeසියලුම පුවත්රොනාල්ඩෝගේ වාර්තාගත ගෝලයෙන් පෘතුගාලයට දැවැන්ත ජයක්

රොනාල්ඩෝගේ වාර්තාගත ගෝලයෙන් පෘතුගාලයට දැවැන්ත ජයක්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ K කාණ්ඩය යටතේ පැවැති තරගයකදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් යුත් පෘතුගාලය ගෝල 5-0ක් ලෙස උස්බෙකිස්තානය පරාජය කළේය.
තරගයේ 6 වැනි මිනිත්තුවේදී රොනාල්ඩෝ පළමු ගෝලය වාර්තා කළ අතර, ඒ සමඟම ඔහු සහභාගී වූ සෑම පාපන්දු ලෝක කුසලාන තරගාවලියකදීම ගෝලයක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස නව වාර්තාවක්ද පිහිටුවීය.
පළමු අර්ධයේදී ගෝල 3-0ක් ලෙස පෙරමුණ ගත් පෘතුගාලය, දෙවැනි අර්ධයේදී තවත් ගෝල දෙකක් රැස් කරමින් පහසු ජයක් හිමිකර ගත්තේය.
මේ අතර L කාණ්ඩය යටතේ පැවැති තවත් තරගයකදී ක්‍රොඒෂියාව ගෝල 1-0ක් ලෙස පැනමාව පරාජය කිරීමට සමත් විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments