Homeසියලුම පුවත්ලක්ෂ 8ක් වටිනා පෙළපොත් රු.47,000කට විකිණූ පස්දෙනා රිමාන්ඩ්

ලක්ෂ 8ක් වටිනා පෙළපොත් රු.47,000කට විකිණූ පස්දෙනා රිමාන්ඩ්

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් රුපියල් 47,000කට බාහිර පාර්ශ්වයකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පළමු ශ්‍රේණියේ දෙමළ ක්‍රියාකාරකම් සහ පෙළපොත් 19,892ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අදාළ පොත් තොගය ප්‍රවාහනය කළ ලොරි රථ රියදුරු විසින් එම පොත් තොගය බෝතල් පත්තරකරුවෙකුට විකුණා රුපියල් 47,000ක මුදලක් ලබාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments