Saturday, January 24, 2026
Homeසියලුම පුවත්ලක්ෂ තිහේ අල්ලස් නඩුවෙන් කුමාර වෙල්ගම නිදහස්

ලක්ෂ තිහේ අල්ලස් නඩුවෙන් කුමාර වෙල්ගම නිදහස්

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවකින් නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඊට අදාළ නඩුව අද (ජූනි 24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී ය.

ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 30කට ආසන්න පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments