දේශීය ලොකු ලූනු නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ලොකු ලූනු බීජ නිෂ්පාදන ගම්මානයක් ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
ඒ අනුව අනුරාධපුර නාච්චදූව ගොවි ජනපදය ලොකු ලූනු බීජ නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පී. සිසිර කුමාර මහතා සඳහන් කළේය.
මෙරට වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 325,000ක් වන අතර, දේශීයව නිෂ්පාදනය වන්නේ මෙට්‍රික් ටොන් 50,000ක් පමණක් බව වාර්තා වෙයි.
මෙම වසර තුළ දේශීය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 70,000 දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
ගුණාත්මක බීජ දේශීයව නිෂ්පාදනය කර බීජ ආනයනය සඳහා වැයවන පිරිවැය අවම කිරීමද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි.
ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය හෙට (25) පැවැත්වීමට නියමිත බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය
ලොකු ලූනු බීජ නිෂ්පාදන ගම්මානයක් ඇරඹීමට සැලසුම්

