Wednesday, October 23, 2024
Homeදේශීයලෝක ආහාර සංවිධානයේ හාල් මල්ලත් හොර පාරෙන් ගිහින්

ලෝක ආහාර සංවිධානයේ හාල් මල්ලත් හොර පාරෙන් ගිහින්

ලෝක ආහාර සංවිධානය මගින් වතුකරයේ අඩු ආදායම්ලාභියන් අතර බෙදා දීම සඳහා ආධාර වශයෙන් ලබා දී තිබූ ආහාර සලාකය අදාළ නිර්ණායකවලට පිටින් බාහිර පාර්ශවයන් අතර බෙදා දී ඇතැයි අඩු ආදායම්ලාභි පවුල්වල සාමාජිකයෝ පවසති.

ඔවුන් පවසන්නේ එම ආහාර සලාක බෙදා දීම සඳහා සකස් කළ නාම ලේඛනයට නම් ඇතුළත් කිරීමේදී අදාළ නිර්ණායකවලට අදාළවන පිරිසෙන් ප්‍රමාණයක් ඉවත් වී ඉතා අසාධාරණ ලෙස නිර්ණායකවලට අදාළ නොවන පිරිසකගේ නම් ඇතුළත් වී ඇති බවය.

ලෝක ආහාර සංවිධානය මගින් අඩු ආදායම්ලාභි, දීර්ඝකාලීන රෝගී සහ ශරීරාබාධිත පවුල් වෙත මාස දෙකකට වරක් ලෙස සහල් කිලෝ 50ක්, පරිප්පු කිලෝ 20ක් සහ ෆාම් ඔයිල් ලිටර් 05ක් බැගින් මාස 06ක් සඳහා යනතුරු බෙදාදීම සඳහා මෙරටට පරිත්‍යාග කරනු ලැබීය.

වසම් භාර ග්‍රාමනිලධාරී සහ ප්‍රදේශයේ සංවර්ධන නිලධාරී විසින් ලබා දුන් නාම ලේඛනයක් මත ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් එම ආහාර මළු බෙදා දීම සඳහා නාම ලේඛනයක්ද සකස් කර තිබී ඇත.

එම නාම ලේඛනයට තම පවුලේ සාමාජිකයන්ගේ නම් ඇතුළත් වී නොමැති බවත්, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි නොවන පිරිසකට එම ආහාර මළු ලබාදී ඇති බවත් ජනතාව චෝදනා කරති.

0 Comments

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments