තායිලන්තයේ පැවති දෙවන මිස්ටර් යුනිවර්ස් (Mr. Universe) ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබේ.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් වී ඇති අතර, ප්‍රෝ කාඩ්පත් 2ක් ද ලබාගෙන තිබේ.
ලෝකයේ රටවල් 47ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 327 දෙනෙකුගේ සහභාගීත්වයෙන් තායිලන්තයේ පතායා නුවරදී මෙම තරගාවලිය පැවැත්වී ඇත.
එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අනෝජ් ඇලෝසියස් සහ ඩබ්ලිව්.ආර්. කාවින්ද වෘත්තීය තරගාවලි සඳහා අවශ්‍ය ප්‍රෝ කාඩ්පත් දිනා ගැනීමට සමත් වී තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති රන්දීර් රුද්‍රිගුට ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනයේ රන් සාමාජිකත්වයද හිමිව ඇති බව වාර්තා වේ.
ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කටුනායකට පැමිණේ

