Homeසියලුම පුවත්වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස දෙකකට වැඩියි

වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස දෙකකට වැඩියි

වනජීවී පශු වෛද්‍යවරුන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් හදිසි අවස්ථාවලදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවයේ නිරත පශු වෛද්‍ය නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අමතර සේවා කාල දීමනා සහ අවදානම් දීමනා ලබාදීම, නිවාඩු හා සති අන්ත දිනවල රාජකාරී කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය ජුනි 1 වනදා සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

ඒ අනුව මේ වනවිට මාස දෙකහමාරකට වැඩි කාලයක් වනජීවී පශු වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටිති.

කෙසේවෙතත්, තම ගැටලුවලට මේ දක්වා විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බව එම සංගමයේ සභාපති වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments