වසර පහකට අධික කාලයක් තිස්සේ පොලිස් නිලධාරීන්ට ලබා නොදුන් උසස්වීම් මේ වනවිට කඩිනමින් ලබාදෙමින් සිටින බව ආනන්ද විජේපාල මහතා පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටලු සහ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
පොලිස් සේවය වඩාත් ගුණාත්මක හා වෘත්තීය මට්ටමකින් ඉදිරියට ගෙන යාම සඳහා රජය මේ වනවිට පියවර ගෙන ඇති අතර, පොලිස් ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනයටද විශාල මුදලක් වෙන් කර ඇති බව ඔහු පෙන්වා දී ඇත.
එමෙන්ම, පොලිස් දෙපාර්තමේන්තුව තුළ පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීම සඳහා නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වසර 5කට පසු පොලිස් නිලධාරීන්ට උසස්වීම්

