Homeසියලුම පුවත්වසරේ මුල් මාස 7ට ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 3,622ක්

වසරේ මුල් මාස 7ට ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 3,622ක්

වසරේ මුල් මාස 7 තුළ මෙරට ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3,622ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එය 2025 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 59.9%ක ඉහළ යාමක් බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

මාසික ඉන්ධන ආනයන වියදම සැලකීමේදී, පසුගිය ජූලි මාසයේදී ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 453ක් වැය වී තිබේ. එය ජූනි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 465ට සාපේක්ෂව සුළු අඩුවීමකි.

කෙසේ වෙතත්, 2025 වසරේ ජූලි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජූලි මාසයේ ඉන්ධන ආනයන වියදම 68%කින් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

එම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බොරතෙල් ආනයනය සඳහා වැය වූ මුදල වැඩිවීම හේතු වී ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments