මෙරට තුළ තැලසීමියා රෝගීන් 2500කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, වාර්ෂිකව දරුවන් 45ත් 60ත් අතර පිරිසක් “මහා තැලසීමියා” තත්ත්වය සමඟ උපත ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහතා පෙන්වා දෙන්නේ, තැලසීමියා වාහකයන් අතර විවාහ අවම කිරීම සහ විවාහයට පෙර පරීක්ෂණ සිදුකිරීම මඟින් මෙම රෝගය වළක්වා ගැනීමේ හැකියාව ඇති බවයි.
දැනට තැලසීමියා වැඩිපුර වාර්තා වන දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, පාසල් දරුවන් screen කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ, තැලසීමියා යනු ජානමය රෝගයක් වන අතර එය බෝවන රෝගයක් නොවන බවයි. එමෙන්ම, ඇටමිදුළු බද්ධ කිරීම මඟින් සම්පූර්ණ සුවය ලබාදිය හැකි වුවද, එය සීමිත පිරිසකට පමණක් ලබාගත හැකි ප්‍රතිකාර ක්‍රමයක් බවද ඔවුන් පෙන්වා දෙයි
වාර්ෂිකව දරුවන් 45-60ක්තැලසීමියා සමඟ උපදින බව අනාවරණයක්

