ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ 100කට ආසන්න සංඛ්‍යාවක විදුලි සැපයුම අද (30) තාවකාලිකව විසන්ධි කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
නිවාඩු දිනයක් වීමත් සමඟ විදුලි ඉල්ලුම අඩුවී තිබියදී සූර්ය පැනල මඟින් විශාල විදුලි ප්‍රමාණයක් පද්ධතියට එක්වීමෙන් සැපයුම ඉල්ලුම ඉක්මවා ගොස් ඇති බව සඳහන් වේ.
විශාල විදුලි බිඳවැටීමක් වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර, පස්වරු 2 සිට 3 අතර කාලයේදී විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
විදුලි පද්ධතියේ අසමතුලිතතාවක් හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කෙරේ

