රුපියල් 80,000කට ආසන්න විදුලි බිල්පතක් නොගෙවීම හේතුවෙන් අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලි සැපයුම විසන්ධි කර ඇති බව වාර්තා වෙයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන දෝෂ හේතුවෙන් මෙවැනි තත්ත්වයන් මීට පෙරද වාර්තා වී ඇති අතර, දුම්රිය ස්ථාන කිහිපයක දුරකථන සම්බන්ධතාද පෙරදී විසන්ධි කර තිබුණි.
විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් අලුත්ගම දුම්රිය ස්ථානයේ නිවේදන කටයුතු පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇති අතර, ඒ නිසා මගී ජනතාවද අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වෙයි.
විදුලි බිල නොගෙවීමෙන් අලුත්ගම දුම්රිය ස්ථානයට විදුලිය කපයි

