Homeසියලුම පුවත්විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුවට ස්ථිර විසඳුමක්

විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුවට ස්ථිර විසඳුමක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් දිගු කලක් තිස්සේ මුහුණ දුන් වැටුප් ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අංක 03/2014 (I) දරන මෙම චක්‍රලේඛය අනුව, විදුහල්පතිවරුන්ගේ ආරම්භක වැටුප් පියවර විධිමත් කරමින් වැටුප් ගණනය කිරීම “උසස් වීමක් ලෙස සලකා” සිදුකිරීමට අනුමැතිය ලබාදී ඇත.
මෙම සංශෝධනය මගින් විදුහල්පති සේවයේ පවතින වැටුප් විෂමතා අවම කිරීම අරමුණු කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම, උසස්වීම් සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමේදී ගැටලු ඇති වූ විදුහල්පතිවරුන් වෙනුවෙන් විශේෂ සහන කාලසීමාවක්ද ලබාදී තිබේ.
ඒ අනුව, 2009 නොවැම්බර් 13 දින ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියට බඳවාගත් නිලධාරීන්ට 2027 දෙසැම්බර් 31 දක්වා උසස්වීම් සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව හිමිවන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි

RELATED ARTICLES

Most Popular

Recent Comments