Homeසියලුම පුවත්විදෙස් ණය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට පළවන ප්‍රචාර අසත්‍යයි –...

විදෙස් ණය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට පළවන ප්‍රචාර අසත්‍යයි – ඇමති අනිල් ජයන්ත

රජය ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

කිසිදු නිල දත්ත පදනමකින් තොරව මෙවැනි ප්‍රකාශ සිදුකිරීම කණගාටුදායක තත්ත්වයක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මහ බැංකුව මෑතකදී නිකුත් කළ තොරතුරු උපුටා දක්වමින් රජයේ ණය රුපියල් බිලියන 190කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, එම වාර්තාවල ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති ආකාරය පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් නොමැති බවත්, ඉදිරිපත් කර ඇති ඇතැම් දත්තද නිවැරදි නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රජයේ ණය සම්බන්ධයෙන් නිල හා වගකීම් සහගත තොරතුරු කාර්තුවෙන් කාර්තුවට නිකුත් කරන Debt Bulletin වාර්තා මගින් ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.

එම වාර්තාවල දේශීය හා විදේශීය ණය මෙන්ම රටවල් අනුව ලබාගෙන ඇති ණය, බහුපාර්ශ්වික, ද්විපාර්ශ්වික සහ වාණිජ විදේශ ණය පිළිබඳ විස්තරාත්මක තොරතුරු ඇතුළත් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ණය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රකාශ කිරීමේදී පළමුව නිල ලේඛන සහ දත්ත පදනම් කරගත යුතු බව අවධාරණය කළ අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, එම නිල දත්ත අනුව රජයේ ණය එවැනි ආකාරයකින් ඉහළ ගොස් නොමැති බවද ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments