Homeසියලුම පුවත්විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන ජනපති සහ නීතීඥ සංගමය අතර සාකච්ඡාව අද

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන ජනපති සහ නීතීඥ සංගමය අතර සාකච්ඡාව අද

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද (12) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයකින් විරෝධතා එල්ල වී තිබේ.

අදාළ පනත් කෙටුම්පත පසුගිය සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද තම ස්ථාවරය ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණි.

ඒ අනුව අදාළ යෝජනාව පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සෘජුව සාකච්ඡා කිරීමට නීතීඥ සංගමයට අවස්ථාව ලබාදී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments