Sunday, January 25, 2026
Homeසියලුම පුවත්විපක්ෂයේ විරෝධය හමුවේ හදිසි ඖෂධ මිලදීගැනීම් නවතයි

විපක්ෂයේ විරෝධය හමුවේ හදිසි ඖෂධ මිලදීගැනීම් නවතයි

හදිසි ඖෂධ මිලදීගැනීම් නවතා දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, ඇතැම් පාර්ශව හදිසි ඖෂධ මිලදීගැනීමට බරපතල චෝදනා එල්ල කරන බවයි.

එහෙත්, එය සාමාන්‍ය මිලදීගැනීම්වලින් වෙනස්වන්නේ කාලයෙන් පමණක් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වාදෙයි.

ඔහු පැවසුවේ, ටෙන්ඩර් කැඳවා, තාක්ෂණික ඇගයීම් කර සාමාන්‍ය මිලදීගැනීම්වලදී අනුගමනය කරන ක්‍රමවේදයම හදිසි ඖෂධ මිලදීගැනීම්වලදීත් අනුගමනය කරන බවයි.

එම නිසා ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව, සෞඛ්‍ය අමාත්‍යවරයාට අවශ්‍ය පාර්ශව හරහා ඖෂධ ගෙන්වීම සම්පූර්ණ අසත්‍යයක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය

RELATED ARTICLES

Most Popular

Recent Comments