පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 35,169කට අයත් පුද්ගලයින් 115,586 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව මෙලෙස බලපෑමට ලක්ව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම තත්ත්වය හමුවේ පානීය ජල ගැටලුවට මුහුණ දී සිටින ජනතාවට අඛණ්ඩව ජලය බෙදාහැරීම සඳහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.
ඒ අනුව දිස්ත්‍රික්ක 7ක පවුල් 34,628කට අයත් පුද්ගලයින් 113,406 දෙනෙකුට පානීය ජලය බෙදාහැරීම සිදුකරමින් පවතින බව සඳහන් වේ.

