Homeසියලුම පුවත්විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 33,024ක් පරීක්ෂාවට

විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 33,024ක් පරීක්ෂාවට

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව ඊයේ (08) දිනයේදී පුද්ගලයින් 33,024ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන්ගෙන් අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 15ක් හඳුනාගත් අතර විවෘත වරෙන්තුකරුවන් 135ක්ද අත්අඩංගුවට ගත් බවය.

එමෙන්ම මෙම සෝදිසි මෙහෙයුමේදී බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 65ක් සහ අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 68ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පොලීසිය සඳහන් කළේ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,189කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments