රජය විසින් වී කිලෝවක් සඳහා ස්ථාවර මිලක් ලබාදෙන්නේ නම්, එම මිල තීරණය කිරීම සඳහා භාවිතා කරන සූත්‍රය කුමක්ද යන්න සහ එය ගණනය කරන ආකාරය පැහැදිලි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි.
ඔහු පෙන්වා දෙන්නේ බිත්තර වී, පොහොර, කෘෂි රසායන, යන්ත්‍රෝපකරණ වැනි සියලුම වියදම් ඇතුළත් කර වී නිෂ්පාදන පිරිවැය ගණනය කරන නිවැරදි ක්‍රමවේදය ජනතාවට දැනුම් දිය යුතු බවයි.
වී කිලෝවක ස්ථාවර මිල සූත්‍රය ගැන සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රශ්න

