Homeසියලුම පුවත්වෛද්‍ය චමල් සංජීවගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

වෛද්‍ය චමල් සංජීවගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

X-Press Pearl නෞකා අනතුරට අදාළව ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු වන්දි මුදල් අය කරගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
2025 වසරේදී එවකට අග්‍රවිනිශ්චයකාර මුර්ධු ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් X-Press Pearl නෞකා අනතුර හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කරමින් ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබූ බව වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත්, එම තීන්දුව ලබාදී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත්, ඇමරිකානු ඩොලර් මිලියන 999ක මුදලක් තවමත් අය කරගැනීමට රජය අපොහොසත් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, අදාළ වන්දි මුදල අය කරගැනීමට වත්මන් රජයට නොහැකි වී ඇති හේතු පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments