Homeසියලුම පුවත්ශ්‍රී ලංකා - කොදෙව් දෙවන එක්දින තරගය වර්ෂාවෙන් අතහැර දමයි

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන එක්දින තරගය වර්ෂාවෙන් අතහැර දමයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
සබිනා පාර්ක් ක්‍රීඩාංගණයට අඛණ්ඩව ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව ආරම්භ කිරීමට නොහැකි වී ඇත.
කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබුණද, ක්‍රීඩාංගණ තත්ත්වය යහපත් නොවීම නිසා විනිසුරුවරුන් තරගය අතහැර දැමීමට තීරණය කළහ.
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ලකුණු සටහන 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක පවතී.
දෙරට අතර තෙවන සහ අවසන් එක්දින තරගය අනිද්දා (09) පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments