ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරගාවලි ඇතුළත් පූර්ණ ක්රිකට් සංචාරයක් සඳහා ශ්රී ලංකා කණ්ඩායම එළැඹෙන ජූනි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතයි.
ශ්රී ලංකා ක්රිකට් නිවේදනය කළේ, මෙම තරග සංචාරය ටෙස්ට් තරග 2කින්, එක්දින තරග 3කින් සහ විස්සයි20 තරග 3කින් සමන්විත බවයි.
මසක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග ජැමෙයිකාව සහ ඇන්ටිගුවාහි ක්රීඩාංගණවල පැවැත්වීමට නියමිත අතර, පළමුව එක්දින තරගාවලිය ආරම්භ වනු ඇත.
තරග කාලසටහන
එක්දින
ජූනි 03 – පළමු තරගය සබීනා පාර්ක්
ජූනි 06 – දෙවන තරගය සබීනා පාර්ක්
ජූනි 08 – තෙවන තරගය සබීනා පාර්ක්
විස්සයි20
ජූනි 11 – පළමු තරගය සබීනා පාර්ක්
ජූනි 13 – දෙවන තරගය සබීනා පාර්ක්
ජූනි 14 – තෙවන තරගය සබීනා පාර්ක්
ටෙස්ට්
ජූනි 18 – 21 – සිව්දින තරගය CCG
ජූනි 25 – 29 – පළමු තරගය SVRS, ඇන්ටිගුවා
ජූලි 03 – 07 – දෙවන තරගය SVRS, ඇන්ටිගුවා

