කුවේට් රාජ්‍යය ගෘහ සේවකයන් ගෙන්වීම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පමණක් සීමා කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ගෘහ සේවක අංශය නියාමනය කිරීම සඳහා නව නීති මාලාවක් හඳුන්වාදීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව, ගෘහ සේවකයන් බඳවා ගැනීමට අවසර ලබා ඇති රටවල් අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය, නේපාලය ඇතුළු රටවල් කිහිපයක් ඇතුළත් වන අතර, ඇතැම් රටවල් 27කින් ගෘහ සේවකයන් ගෙන්වීම තහනම් කර තිබේ.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් ගෘහ සේවකයන් බඳවා ගැනීමට කුවේටයෙන් තීරණයක්

