Homeසියලුම පුවත්‘ශ්‍රී ලාංකීය – ජර්මානු ව්‍යාපාරික සමුළුව 2026’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

‘ශ්‍රී ලාංකීය – ජර්මානු ව්‍යාපාරික සමුළුව 2026’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකාව කලාපීය සහ ජාත්‍යන්තර සබඳතාවල විවෘත හා විශ්වාසනීය හවුල්කරුවෙකු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
අද (28) කොළඹදී පැවති ‘ශ්‍රී ලාංකීය–ජර්මානු ව්‍යාපාරික සමුළුව 2026’ හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
ජර්මානු වාණිජ නියෝජිත මණ්ඩලය සහ කොළඹ ජර්මානු තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන මෙම සමුළුව දින තුනක් පුරා පැවැත්වේ.
සමුද්‍රීය සහ සැපයුම් දාම ක්ෂේත්‍රවල ආයෝජන ආකර්ෂණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර වෘත්තීය අධ්‍යාපනය, පුනර්ජනනීය බලශක්තිය සහ ආර්ථික සංවර්ධන හවුල්කාරිත්වය වැදගත් බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
ශ්‍රී ලංකාව මේ වන විට සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ වඩාත් තරගකාරී ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක නිරතව සිටින බවද ඇය සඳහන් කළාය.

RELATED ARTICLES

Most Popular

Recent Comments