මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නමැත්තා ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉරාන මත්ද්‍රව්‍ය ජාලය සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වූ බවට සැක කෙරෙන ඔහු, අමෙරිකානු බලධාරීන්ට ද අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව වාර්තා වෙයි.
ඩුබායිහි ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් සැඟවී සිට ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය සැපයීමේ ජාලයේ ප්‍රධාන ජාවාරම්කරුවන් පස්දෙනා අතර ශිරාන් බාසික් ද එක් අයෙකු ලෙස සැලකේ.
කෙසේවෙතත්, ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරට බලධාරීන් වෙත මෙතෙක් නිල දැනුම්දීමක් ලැබී නොමැති බවද වාර්තා වෙයි.
ශිරාන් බාසික් ඩුබායිහිදී අත්අඩංගුවට

