අල්ලස් කොමිසම මගින් අද (10) අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා එළඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔහු අත්අඩංගුවෙන් පසු අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
2019 වසරේ දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස වෙන් කළ රුපියල් මිලියන 16.5ක මුදලක් යොදාගෙන පුටු මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කරමින් රජයට අලාභයක් සිදුකර ඇති බවට වන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුව සිදුකර ඇත.
ෂාන් විජයලාල් 12දා දක්වා රිමාන්ඩ්

