Tuesday, February 17, 2026
Homeදේශීයෂොපිං බෑග් නොමිලේ දීම හෙට සිට තහනම්

ෂොපිං බෑග් නොමිලේ දීම හෙට සිට තහනම්

භාණ්ඩ රැගෙන යාම සඳහා භාවිතා කරන ෂොපිං බෑග් නොමිලේ ලබාදීම හෙට (30) සිට තහනම් වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියෙන් ෂොපිං බෑග් ලබාදීම සඳහා මිලක් අය කළ යුතුය, හා ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය පසුගිය 01 වනදා නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂිකා සමන්ති කරුණාරත්න පැවසුවේ, මෙම නීතිය අතුලු සහිත ෂොපිං බෑග් සඳහාද අදාළ වන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments