මෙම පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් කිරීම, මර්දනකාරී නීති අහෝසි කර සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට ජාතික ජන බලවේගය සිය 2024 මැතිවරණ ප්රකාශනයෙන් ලබාදුන් පොරොන්දුවලට පටහැනි බව ද HRW සඳහන් කර තිබේ.ඒ අනුව, ත්රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන අතරතුර එය භාවිත කිරීම අත්හිටුවන ලෙසත්, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙසත් HRW රජයෙන් ඉල්ලා සිටී. නව නීති හඳුන්වා දීමට පෙර විවෘත සාකච්ඡා පවත්වා, ශක්තිමත් අධිකරණ අධීක්ෂණයක් සහ මානව හිමිකම් ආරක්ෂා කරන විධිවිධාන ඇතුළත් කළ යුතු බව ද එම සංවිධානය අවධාරණය කරයි.

