ඉන්දීය නිල සංචාරයක නිරතව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන ආචාර්ය ශෂී තාරූර් මහතා හමුවීමට නවදිල්ලියේදී අවස්ථාව ලැබීය.
මෙම හමුවේදී දෙපාර්ශවය අතර පැවැති සංවාදයේ අවධානය යොමු වුණේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගිතා වැඩිදියුණු කිරීම, සහ දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම යන කරුණු වෙතය.

