Homeසියලුම පුවත්සතොසෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහළට

සතොසෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහළට

ලංකා සතොස මඟින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 18ක මිල ගණන් අඩු කිරීමට තීරණය කර තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ හෙට (10) දිනයේ සිට මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වන බවයි.
මිල අඩු කරන භාණ්ඩ අතර ලොකු ලූනු, සුදු සීනි, පරිප්පු, කවුපි, කඩල, මුං ඇට, රට කජු, තිරිඟු පිටි සහ සහල් වර්ග කිහිපයක් ඇතුළු භාණ්ඩ 18ක් අන්තර්ගත වේ.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් උද්ගත වී ඇති ගෝලීය ආර්ථික බලපෑම් හමුවේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජයේ මැදිහත්වීම මත මෙම මිල අඩු කිරීම සිදුකර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments