Homeසියලුම පුවත්සම වරප්‍රසාදිත අධ්‍යාපනයක් සඳහා නිවැරදි දත්ත මත තීන්දු ගත යුතුයි – අගමැති...

සම වරප්‍රසාදිත අධ්‍යාපනයක් සඳහා නිවැරදි දත්ත මත තීන්දු ගත යුතුයි – අගමැති හරිනි

රට තුළ සම වරප්‍රසාදිත අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා නිවැරදි දත්ත කළමනාකරණය මත පදනම්ව තීන්දු තීරණ ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.
ඇය මේ බව සඳහන් කළේ ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) සහ “ඊ-තක්සලාව” ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනි.
සෑම දරුවකුටම සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීම රජයේ වගකීමක් බවත්, ඒ සඳහා ඩිජිටල්කරණය හා නිවැරදි දත්ත පද්ධති අත්‍යවශ්‍ය බවත් ඇය මෙහිදී අවධාරණය කළාය.
මෙම නව පද්ධතිය හරහා ගුරුවරුන්ගේ ස්ථාන මාරු, බඳවාගැනීම් සහ උසස්වීම් වැනි ක්‍රියාවලීන් වඩාත් විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම, “ඊ-තක්සලාව” පද්ධතිය මගින් සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් ඉහළ නැංවීමටත්, අඩු පහසුකම් ඇති පාසල්වලටද ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමටත් හැකි වනු ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

RELATED ARTICLES

Most Popular

Recent Comments