හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ දූෂණ නඩු හතරක තීන්දුව අද (26) ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, ඒ සඳහා ඔහු කොළඹ මහාධිකරණයට පැමිණ තිබේ.
අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අධිකරණයට ගරු කරමින් සෑම නඩු වාරයකටම පෙනී සිටි බවත්, ලබාදෙන ඕනෑම තීන්දුවකට මුහුණ දීමට සූදානම් බවත්ය.
2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ වාහන කුලියට ගැනීමේදී රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩු ගොනු කර තිබේ.
මෙම නඩුවල තීන්දුව මීට පෙර අප්‍රේල් 30 දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, එය අද දක්වා කල් දමා තිබුණි.
සරණ ගුණවර්ධන අධිකරණයට

