Homeසියලුම පුවත්සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන ඇරඹේ

සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන ඇරඹේ

ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර අද (19) රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ආරම්භ කර තිබේ.
මෙහිදී සිසුන්ගේ ඇස් නොමිලේ පරීක්ෂා කර අවශ්‍ය කාච ලබාදීමද සිදුකර ඇති අතර, පෞද්ගලික අංශයේ සහායද ලබාගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කරයි.
ජනාධිපති අරමුදල වෙත පරිත්‍යාග ලෙස ලැබී ඇති ඇස් කණ්ණාඩි රාමු පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ අඩු ආදායම්ලාභී පුරවැසියන් වෙත නොමිලේ ලබාදීමට සැලසුම් කර තිබේ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා සඳහන් කළේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
එමෙන්ම පසුගිය වසර දෙක තුළ යහපත් කළමනාකාරීත්වය හේතුවෙන් ජනාධිපති අරමුදල 50%කින් ශක්තිමත් වී ඇති බවද ඔහු සඳහන් කළේය. �

RELATED ARTICLES

Most Popular

Recent Comments