Homeසියලුම පුවත්සලේගේ තත්ත්වය සොයන්න පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් පත් කෙරේ

සලේගේ තත්ත්වය සොයන්න පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් පත් කෙරේ

රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවලට ලක්වී ඇත්දැයි සොයා බැලීම සඳහා පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කර තිබේ.
කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇති අතර, අදාළ වෛද්‍ය පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදුකරන ලෙසද දැනුම් දී ඇත.
එම පරීක්ෂණයෙන් පසු සකස් කරන වාර්තාව මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments