Homeසියලුම පුවත්සහස්පුර ඇළකින් නාඳුනන පුද්ගල මළසිරුරක් හමුවෙයි

සහස්පුර ඇළකින් නාඳුනන පුද්ගල මළසිරුරක් හමුවෙයි

සහස්පුර පොලිස් වසමේ හල්ගහවත්ත ප්‍රදේශයේ ඇළක පාවෙමින් තිබූ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් ඊයේ (27) සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිසියට ලද තොරතුරකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ක් පමණ වන, අඩි 5 අඟල් 4ක් පමණ උස, සුදු හිසකෙස් සහිත පුද්ගලයෙකු බවට පොලිසිය සඳහන් කරයි. ඔහු කළු පැහැති කමිසයක් සහ කළු පැහැති කලිසමක් ඇඳ සිටි බවද වාර්තා වේ.
මළසිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සහස්පුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments