Homeසියලුම පුවත්සෙනෙහසේ කැදැල්ලේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළට

සෙනෙහසේ කැදැල්ලේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළට

අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ හටගත් දරුණු ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
අනතුරින් තවත් පුද්ගලයින් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ගින්න සිදුවන අවස්ථාවේ එම මධ්‍යස්ථානයේ පුද්ගලයින් 72 දෙනෙකු පමණ රැඳී සිට ඇති බව වාර්තා වේ.
ගින්න හටගත් අවස්ථාවේදී පුද්ගලයින් 10 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, පසුව තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගින්නෙන් දිවි ගලවාගත් 50කට ආසන්න පිරිසක් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments