Homeසියලුම පුවත්හිටපු ඇමති විමල් වීරවංශගේ නඩුව ලබන 22දාට කල් යයි

හිටපු ඇමති විමල් වීරවංශගේ නඩුව ලබන 22දාට කල් යයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 22 වනදා සිදුකිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.

නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, වැඩිදුර විභාගය ලබන 22 වනදා පැවැත්වීමට විනිසුරුවරයා නියෝග කළේය.

එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන්ට දැනුම් දෙමින් සිතාසි නිකුත් කිරීමටද විනිසුරුවරයා නියෝග කර තිබේ.

2010 සිට 2014 දක්වා කාලය තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින්, ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments