අසනීප තත්ත්වයෙන් සිටියදී තමාට සුවය ප්‍රාර්ථනා කළ සියලුදෙනාට ස්තුතිය පළ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ, සුවදුක් විමසමින් ලැබුණු දුරකථන ඇමතුම් හා පණිවුඩ විශාල සංඛ්‍යාවක් බවත්, දිවයින පුරා සර්ව ආගමික වතාවත් පැවැත්වීම තමන්ට විශේෂයෙන්ම ආධාරයක් වූ බවත්ය.
තවද, එම ක්‍රියාමාර්ග තමන්ට ඉක්මන් සුවය ලැබීමට මහත් ධෛර්යයක් ලබාදුන් බවද සඳහන් කළේය.
තමන් වෙනුවෙන් දැක්වූ සැලකිල්ල හා සහයෝගය පිළිබඳව නැවතත් හදපිරි කෘතඥතාව පළ කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ කෘතඥතා නිවේදනයක්

