Homeසියලුම පුවත්හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදාහරී

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදාහරී

2008 වසරේදී කොළඹ සහ අවට ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකුට සැඟවී සිටීමට ආධාර ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.
මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඉදිරිපත් කළ චෝදනාවලට තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කළේය.
ඒ අනුව, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
එමෙන්ම, අදාළ නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන දෙසැම්බර් 09 වැනිදා යළි කැඳවීමටද අධිකරණය නියම කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments