Homeසියලුම පුවත්ෆේස්බුක් සාදයක් වටලා 28 දෙනෙකු අත්අඩංගුවට

ෆේස්බුක් සාදයක් වටලා 28 දෙනෙකු අත්අඩංගුවට

අම්බලන්ගොඩ, පෝනදූව ප්‍රදේශයේදී පැවති ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 25 දෙනෙකු සහ සැකකාරියන් 03 දෙනෙකු ඇතුළුව මුළු 28 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අම්බලන්ගොඩ පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී කොකේන්, අයිස් සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සහ නීතිවිරෝධී සිගරට්ද සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
වයස අවුරුදු 18ත් 44ත් අතර පසුවන මෙම සැකකරුවන් සහ සැකකාරියන් විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments