අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර හා මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ.
ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින්, ඒවායින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 🌩️🌧️

