Homeසියලුම පුවත්🏛️ අද පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි – විශේෂ යෝජනා කිහිපයක් අද විවාදයට!

🏛️ අද පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි – විශේෂ යෝජනා කිහිපයක් අද විවාදයට!

අද (03) දිනයට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් සභාවේ කටයුතු ආරම්භ වී ඇත.අද දිනයේදී 1983 වසරේ සිදුවූ කළු ජූලි ඛේදවාචකය පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.එම කාරක සභාව මඟින් එම සිදුවීමේ බලපෑම් අධ්‍යයනය කර ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.එමෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති බලපෑම් පිළිබඳව ආණ්ඩු පක්ෂය විසින් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පැවැත්වීමටද නියමිතව තිබේ.මේ අතර කථානායකවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද විවාදයට නොගැනෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.එම යෝජනාවේ ඇතැම් කරුණු පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබුණද, සංශෝධිත යෝජනාවක් යළි ඉදිරිපත් කර නොමැති වීම ඊට හේතුව වී තිබේ.📌 අද පාර්ලිමේන්තු කටයුතු සහ විවාද සම්බන්ධයෙන් ඉදිරි තොරතුරු පිළිබඳව අවධානයෙන් සිටින්න.

RELATED ARTICLES

Most Popular

Recent Comments