අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් දිවයින පුරා මේ වනවිට විශේෂ වැටලීම් 119ක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මෙම වැටලීම්වලදී නීති උල්ලංඝනයට අදාළ අටපිරිකර, සිවුරු, අදනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර ඒකක 436ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අටපිරිකරවල පිටත ඇසුරුම පමණක් නොව, අහඹු ලෙස තෝරාගත් ඇසුරුම් විවෘත කර ඇතුළත ඇති භාණ්ඩද පරීක්ෂා කර ඇත.
එහිදී අටපිරිකරට අදාළ කොටස් අට සම්පූර්ණ නොවීම, දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරු ඇතුළත් කිරීම, මිලට අනුව භාණ්ඩ වෙනස් වීම, ඇලුමිනියම් පාත්‍ර, තැලී ගිය පාත්‍ර සහ මළ බැඳුණු දැලි පිහි වැනි අක්‍රමිකතා හඳුනාගෙන තිබේ.
පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අලෙවියේදී නීතිමය අවශ්‍යතා පිළිපදින්නේද යන්න පරීක්ෂා කිරීම මෙම වැටලීම්වල අරමුණ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

